May 18, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ඉවතට?

December 06, 2016

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වන චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉවත්කර නව කළමනාකරුවෙකු පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

චරිත් සේනානායක මහතාට එරෙහිව දිගින් දිගටම විවිධ චෝදනා හා පැමිණිලි එල්ලවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමනාකරු පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, බොහෝදුරට එම තනතුර ජෙරොම් ජයරත්න මහතා වෙත ලබාදෙනු ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 December 2016 15:38