May 18, 2024

ක්‍රීඩකයින්ටත් රක්ෂණ ක්‍රමයක්

December 05, 2016

ලබන වසරේදී ක්‍රීඩකයින් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරන බවත් තවත් වසර 2ක් ඇතුළත දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කොට එය ලොව දැවැන්තම ක්‍රීඩා සංකීර්ණයක් බවට පත්කරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

එම ක්‍රීඩා සංකීර්ණය දියුණු කිරීමෙන් පසුව සියලුම ජාතික ක්‍රීඩා සංචිත පුහුණු කිරීමේ ස්ථානයක් බවට එය පත්කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

පළාත් ක්‍රීඩාංගණවල කෘතිම ධාවන පථ ඉදිකරන බවත් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ ධාවන පථය මාස 02ක පමණ කාලයකදී සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.

ශීත කාලගුණයේ ක්‍රීඩකයන් පුහුණුවිය හැකි අධි උන්නතාංශක පුහුණු මධ්‍යස්ථානයක් නුවර එළියේ ඉදිකරන බවත් එය ආසියාවේ දෙවැනි විශාලම ක්‍රීඩා මධ්‍යස්ථානය වෙනු ඇති බවත් ලබන ජනවාරි මාසයේදී ඉදිකිරිම් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වමින් සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 December 2016 13:19