May 18, 2024

ස්මිත්, පොන්ටින්ගේ වාර්තාවක් සමකරයි (VIDEO)

ඕස්ටේ‍්‍රලියානු සුපිරි පිතිකරු රිකී පොන්ටින්ගේ වාර්තාවක් සම කිරීමට වත්මන් නායක ස්ටීවන් ස්මිත් සමත්විය.

ඒ, ඊයේ (04) නවසීලන්තයට එරෙහිව පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයේදීය.

එහිදී ස්මිත් ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ලකුණු 164ක් රැස් කළේය.

එය ඉතිහාසයට එක් වුණේ ඕස්ටේ‍්‍රලියානු නායකයෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් ලෙසයි.

මීට පෙර රිකී පොන්ටින් 2006 වසරේදී දකුණු අපි‍්‍රකාවට එරෙහිව ලකුණු 164ක් රැස් කරමින් මෙම වාර්තාව බිහිකර තිබිණි.

සිඩ්නි නුවර ඊයේ පැවති තරගයෙන් ලකුණු 68ක ජයක් වාර්තා කිරීමට ද ඕස්ටේ‍්‍රලියාව සමත්විය.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔවුන් කඩුලු 8කට ලකුණු 324ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්තයට සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 256ක් පමණි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 December 2016 09:15