May 18, 2024

පුහුණවෙන් පසු වසීම් ලංකාව ගැන කී දේ (VIDEO)

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ශ්‍රී ලංකා දේශයත් සැමවිටම තම හදවතට ඉතාම සමීප බව පාකිස්තානයෙන් බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන වසීම් අක්‍රම් පවසයි.

ඔහු මේ බව කියාසිටියේ ඊයේ (02) ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් වෙනුවෙන් කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති පුහුණු සැසියකින් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා අගය කළ ඔහු ප්‍රකාශ කළේ මෙරට පුහුණුකරුවන් ද ඔහු සමඟ එක්ව අත්දැකීම් බෙදා හදා ගත් බවයි.

ලොව හොඳම රට ශ්‍රී ලංකාව බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 03 December 2016 09:43