May 18, 2024

මැතිව්ස්, චන්දිමාල් දකුණු අප්‍රිකානු සංචාරයට සූදානමින්

December 02, 2016

දකුණු අප්‍රිකානු සංචාරය සදහා තමන් කායික යෝග්‍යතාවයකින් යුක්ත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක ඇන්ජිලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කර තිබේ.

ඔවුන් දෙදෙනාම පසුගිය සිම්බාබ්වේ චාරිකාව සදහා සහභාගි නොවූයේ කායික ආබාධවලට ලක්වීම හේතුවෙනි.

ඒ අනුව, එම සංචාරයේදී ටෙස්ට් කණ්ඩායම රංගන හේරත් විසින් මෙහෙයවූ අතර එක්දින කණ්ඩායම මෙහෙයවනු ලැබූයේ උපුල් තරංග විසිනි.

ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු චාරිකාව මේ මස මැදභාගයේදී ආරම්භ වීමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වනදා එනම් බොක්සිං දිනයේ, පෝට් - එලිසබෙත් හි දී ආරම්භ වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 02 December 2016 09:42