May 18, 2024

වසීම්ගේ වැඩමුළුව අදයි

December 01, 2016

කලකට ඉහතදී ක්‍රිකට් ලොව කැලඹූ පාකිස්තානු වමත් වේග පන්දු යවන්නකු වූ වසීම් අක්‍රම්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන විශේෂ වැඩමුළුවක් අද (01) දින කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.

ඒ සඳහා දිවයිනට පැමිණි අක්‍රම් ඊයේ (30) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලට ද සහභාගී විය.

2019 වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දියත් කිරීමට නියමිත විශේෂ වැඩසටහන් මාලාවේ පළමු පියවර ලෙස වසීම් අක්‍රම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලයද සහභාගිවීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 December 2016 10:34