May 18, 2024

වසරේ ක්‍රීඩකයා මැතිව්ස් - ජනතාවගේ ක්‍රීඩකයා ඩිල්ෂාන් (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ඇන්ජලෝ මැතිව්ස් විසින් හිමිකරගෙන තිබේ.

මෙම සම්මාන උළෙල ඊයේ (29) රාත්‍රීයේ කොළඹදී පැවැත්වුණු අතර එහිදී ජනතාවගේ ක්‍රීඩකයා ලෙස සම්මානය හිමිකරගත්තේ තිලකරත්න ඩිල්ෂාන්ය.

2015 වසරේ ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතාවන්ට අදාළව මෙම සම්මාන පිරිනමනු ලැබු අතර වසරේ 20යි 20 පිතිකරු ලෙසද,තිලකරත්න ඩිල්ෂාන් සම්මාන හිමිකරගත් අතර පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන හිමිකරගන්නා ලදී.

වසරේ එක්දින සහ ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මානයට පාත්‍ර විය.

වසරේ එක්දින පිතිකරු ලෙස කුමාර් සංගක්කාර සම්මාන හිමිකරගත් අතර ටෙස්ට් පිතිකරු ලෙස දිනේෂ් චන්දිමාල් සම්මාන හිමිකරගන්නා ලදී.

වසරේ එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන හිමිකරගත් අතර ටෙස්ට් පන්දු යවන්නා ලෙස සම්මාන හිමිකරගත්තේ රංගන හේරත්ය.

වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන හිමිකරගත් අතර වසරේ එක්දින පිතිකාරිණිය ලෙස චමරි අතපත්තු ද,අතර වසරේ තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස ශෂිකලා සිරිවර්ධනත් සම්මානයට පාත්‍රවිය.

වසරේ එක්දින පන්දු යවන්නිය ලෙස ඉනෝකා රණවීර සම්මාන හිමිකරගන්නා ලදී.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 December 2016 09:34