May 18, 2024

කිලර්වේල් සහ සිරිමාවෝ ජාතික ජල ක්‍රීඩා ශූරතා දිනයි

November 30, 2016

ජාතික ජල ක්‍රීඩා ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි ශූරතාව ලකුණු 423ක් ලබාගත් කිලර්වේල් ජල ක්‍රීඩා සමාජය දිනාගත් අතර කාන්තා ශූරතාව ලකුණු 230ක් ලබාගත් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල හිමිකර ගත්තේය.

කොළඹ සුගතදාස පිහිනුම් සංකීර්ණයේ දින 4ක් පුරා පැවැති ජාතික ජල ක්‍රීඩා ශූරතාවලියේ කනිෂ්ඨ පිරිමි ශූරතාව කොළඹ සාන්ත ජෝශප් විදුහලට හා කාන්තා ශූරතාව කොළඹ විශාඛා විදුහලට හිමිවිය.

මේ ජල ක්‍රීඩා ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ ශූරතාව දිනාගත් කිලර්වේල් ජල ක්‍රීඩා සමාජය පසුගිය වසරේද ශූරතාවට හිමිකම්කීම විශේෂත්වයකි. පසුගිය වසරේ ජ්‍යෙෂ්ඨ කාන්තා ශූරතාව කොළඹ විශාඛා විදුහලට හිමිව තිබුණි. මෙවර පිරිමි ජ්‍යෙෂ්ඨ අංශයේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාව, කාන්තා ජ්‍යෙෂ්ඨ අංශයේ දෙවැනි ස්ථානය මහනුවර මහාමායා විදුහලට හිමිවිය.

ජාතික ජල ක්‍රීඩා ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ කිසිදු වාර්තාවක් සටහන් නොවීමද කැපී පෙනුණි. දකුණු ආසියා පිහිනුම් ශූර මැතිව් අබේසිංහ හැර සියලුම ක්‍රීඩකයන් ජාතික ශූරතාවලියට සහභාගිවී සිටි අතර රහීම් සොයුරියන් දෙදෙනා හැර අනෙකුත් ක්‍රීඩිකාවන්ද සහභාගි වූහ.

ජ්‍යෙෂ්ඨ අංශයේ ශ්‍රී ලංකා වාර්තාවක් හෝ නව තරග වාර්තාවක් හෝ බිහි‍ නොවු ජාතික ජල ක්‍රීඩා ශූරතාවලිය ලෙස මෙය ඉතිහාසයට එක්විය.

මෙවර ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කිලර්වේල් ජල ක්‍රීඩා සමාජයේ කයිල් අබේසිංහ, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස එම ක්‍රීඩා සමාජයේම ඉෂානි සේනානායක සම්මානයට පාත්‍ර වූහ. කනිෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා කොළඹ සාන්ත ජෝශප් විදුහලේ ෂෙවින් ද සිල්වා හා දක්ෂතම ක්‍රීඩිකාව මීගමුව ආවේ මරියා විදුහලේ ෂෙනාලී වීරවිංශ සම්මාන දිනා ගත්හ.

ජ්‍යෙෂ්ඨ පිරිමි

1.කිලර්වේල් ජල ක්‍රීඩා සමාජය (ලකුණු 423)

2.ශ්‍රී ලංකා නාවික හමුදාව (ලකුණු 298.5)

3.කොළඹ සාන්ත ජෝශප් (ලකුණු 77)

ජ්‍යෙෂ්ඨ කාන්තා

1.සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල (ලකුණු 230)

2.මහනුවර මහාමායා විදුහල (ලකුණු 141)

3.මියුසියස් විදුහල (ලකුණු 122)

කනිෂ්ඨ පිරිමි

1.කොළඹ සාන්ත ජෝශප් (ලකුණු 158)

2.ආනන්ද විදුහල (ලකුණු 150.5)

3.රාජකීය විදුහල (ලකුණු 76)

කනිෂ්ඨ කාන්තා

1.විශාඛා විදුහල (ලකුණු 160)

2.මහනුවර මහාමායා විදුහල (ලකුණු 91)

3.සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල (ලකුණු 74)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 November 2016 12:29