May 18, 2024

SLC ප්‍රීමියර් ලීග් තරඟාවලිය කල් යයි

November 25, 2016

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන ප්‍රධානතම පළමු පෙළ ක්‍රිකට් තරගාවලියක් වන අන්තර් සාමාජ පළමු කොටසේ ලීග් ක්‍රිකට් තරගාවලිය අද (25) දින ආරම්භ කිරීමට නියමිතව තිබුණද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සතියකින් ඉදිරියට ගෙනයාමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ අනූව තරගාවලිය දෙසැම්බර් මස 02 වැනිදා සිට ආරම්භවීමට නියමිතව ඇත.

පළමු පෙල තරඟාවලිය කණ්ඩායම් 24කගේ සහභාගීත්වයෙන් අද දින ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එහිදී තරඟ 10කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා විවිධ ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතව තිබුණි.

ඒ අනුව පළමු කාණ්ඩයෙන් කණ්ඩායම් 14ක්, කණ්ඩායම් 7 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ තරඟ කිරීමට නියමිතය.

එම කාණ්ඩ දෙකේම මුල්තැන ගන්නා කණ්ඩායම් 8ක්, සුපිරි අටදෙනාගේ වටයට පිවිසේ.

සුපිරි අටදෙනාගේ වටයේ තරඟ පැවැත්වෙන්නේ රෝස පැහැති පන්දුව යොදාගෙනය. ඉතිරි කණ්ඩායම් 6, බඳුන ශූරතාවය සඳහා තරඟ කරනු ලබන අතර (තෙදින තරඟ) තරඟාවලි සටහනේ අවසන් තැනට පත්වන කණ්ඩායම එළඹෙන තරඟ වාරයේදී දෙවන කාණ්ඩය තෙක් පසුබසිනු ඇත.

'නැගී එන කණ්ඩායම් වටය' ලෙස පෙර හැඳින්වුණු දෙවන කාණ්ඩයේදී කණ්ඩායම් 10ක් ලීග් ක්‍රමයට තරඟ වදින අතර (තෙදින තරඟ) ඉන් තරඟාවලි සටහනේ ඉහළම ලකුණු ලබාගන්නා කණ්ඩායම එළඹෙන වසරේදී පළමු කාණ්ඩය දක්වා ඔසවා තබනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 November 2016 09:31