May 19, 2024

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවන තරඟයෙනුත් පරදියි

September 21, 2016
සංචාරක ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (20) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්‌දින තරඟයෙන් සත්කාරකයන් පරදවා ලකුණු 78 ක පහසු ජයක්‌ වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු  පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ඔවුන් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුනු 254 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු  176 ක් පමණි.
ඕස්ට්‍රේලියාව හමුවේ ලද දෙවන තරගාවලි පරාජයත් සමග ලබස වසරේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට පහසුවෙන් සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්‌ථාව මග හැරිණි.
 
කෙසේ වෙතත් අදාළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා පිලට සුදුසුකම් ලැබීමට නම් ලබන ජනවාරි මාසදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී වැඩි දස්‌කම් දක්‌වමින් ඉදිරියට පැමිණීම අනිවාර්ය තත්ත්වයක්‌ බවට පත්ව තිබේ. 

ලකුණු සාරාංශය

ඕස්ට්‍රේලියාව පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 254 යි.
(බෝල්ටන් 64, විලියනි 45, ලැනින් 29, පෙරී 17, බ්ලැක්‌වෙල්(නොදැවී) 56, ස්‌කට්‌ 18, ඔස්‌බෝර්න් 10, චමරි අතපත්තු 31/3, සුගන්ධිකා කුමාරි 54/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 176 යි
(චමරි පොල්ගම්පොළ (නොදැවී) 68, ඒෂානි ලොකුසූරිය 20, සුගන්ධිකා කුමාරි 10, ඉනෝෂි ප්‍රියදර්ශනී (නොදැවී) 12, බීම්ස්‌ 15/4, ෆර්ලින් 38/2, පෙරී 28/2)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 September 2016 09:20