May 19, 2024

'මම තව වසර 3ක් ක්‍රීඩා කරනවා' - මාලිංග

September 20, 2016

තවත් වසර 03ක කාලයක්‌ තමන් එක්‌දින සහ විස්‌සයි 20 තරග නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ අතරතුර කාලයේදී තමාගේ සේවය ශ්‍රී ලංකා කණ්‌ඩායමට අවශ්‍ය වන්නේ නම් එය ලබාදීමට තමා සූදානමින් සිටින බවත් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රකාශ කරයි.

ඔහුගේ පාදයේ සිදු කරන ලද ශල්‍යකර්මයත් සමග ඔහු එක්‌දින තරග අංශයෙන් සමුගැනීමේ සූදානමක්‌ පවතින බවට පැතිර යන රාවය පිළිබඳව කරන ලද කරුණු විමසීමකදී මාලිංග ඉහත අදහස්‌ පළ කර සිටියේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාලිංග," මම 2019 වන තෙක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩා කරන්නවා. ක්‍රිකට්‌ විතරයි. ඒකෙදි අයි. පී. එල්. ද, බිග් බෑෂ්ද, කැරිබියන් ප්‍රිමියර් ලීග්ද, ශ්‍රී ලංකාවේ දේශීය තරගද කියන එක මට වැඩක්‌ නැහැ. මම ලබන 2019 වන තෙක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩා කරනවා. ඒ අතරතුර ලංකාවට මාව ඕන වුණොත් මම ක්‍රීඩා කරන්න ලෑස්‌තියි. හැබැයි ඉතිං සිලෙක්‌ට්‌ වුණේ නැත්නම් කරන්න දෙයක්‌ නැහැ. ඒකයි මං කිව්වේ ක්‍රිකට්‌ ක්‍රීඩා කරනවා කියලා" යනුවෙන් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 September 2016 11:09