May 19, 2024

ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් (VIDEO)

2016 රියෝ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.

ඒ, හෙල්ල විසි කිරීම පිරිමි එෆ් 46 කාණ්ඩයේ අවසන් තරගයේදී ලෝකඩ පදක්කම දිනාගනිමිනි.

රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි එෆ් 46 කාණ්ඩයේ අවසන් තරඟය සඳහා ක්‍රීඩකයින් 13 දෙනෙක් සුදුසුකම් ලබා සිටියේය.

ඒ අතරින් ලෝකඩ පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර් 58.23කි.

එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද වන බව වාර්තා වේ.

මෙම ඉසව්වේ රන් පදක්කම නව ලෝක වාර්තාවක් සමගින් දිනා ගත්තේ ඉන්දීය ක්‍රීඩක දේවෙන්ද්‍රයි.

චීනයේ චුන් ලියැන්ග් රිදී පදක්කම හිමි කර ගත්තේ ය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 September 2016 09:02