May 19, 2024

තත්පර 3කින් ශ්‍රී ලංකාවට පැරා ඔලිම්පික් පදක්කමක් ගිලිහෙයි (VIDEO)

2016 රියෝ පැරා ඔලිම්පික් කී‍්‍රඩා උළලේ ටී 42, 47 කාණ්ඩයේ මීටර් 100 පිරිමි සහාය දිවීමේ ඉසව්වෙන්  සිව්වන ස්ථනය දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් විය.

ඒ, ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණු උපුල් ඉන්දික චූලදාස, දිනේෂ් පි‍්‍රයන්ත හේරත්, අනිල් ප‍්‍රසන්න ජයලත් සහ අජිත් ප‍්‍රසන්න කුමාරගේ සහභාගීත්වයෙනි.

ඔවුන්ගේ තරග නිමි කාලය තත්පර 47.12 ක් විය.

එම තරඟ‍යෙහි 03 වන ස්ථානය දිනාගත්තේ ජපානයයි. තත්පර 44.16 ක කාලයකින් ඔවුන් තරගය නිමා කළේය.

ඒ අනුව ශී‍්‍ර ලංකාවට මෙම තරගයේ ලෝකඩ පදක්කම ගිලිහී ගියේ තත්පර 03 ක් වැනි කෙටි කාල පරතරයකින්.

ජර්මනිය රන් පදක්කමත්, බ‍්‍රසීලය රිදි පදක්කමත් දිනාගත්තේය.

කෙසේවෙතත් මුලින් ප‍්‍රකාශ වුයේ රන් පදක්කම අමෙරිකාව විසින් දිනාගත් බවයි. එහෙත් තරගය අතරතුර ඔවුන් විසින් තාක්‍ෂණික වරදක් සිදුකර ඇතැයි පසුව හෙළි විය.

ඒ අනුව ඔවුන්ගේ ජයග‍්‍රහණය අවලංගු කර නව ප‍්‍රතිඵලය නිකුත් කෙරුණි.

මෙම තරගයේදී පෙරමුණ ගත් සියලු කණ්ඩායම්වල කී‍්‍රඩකයන් අධිතාක්‍ෂණික කෘතිම පාද යොදාගෙන කී‍්‍රඩා කිරීම විශේෂත්වයක් විය..

එහෙත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් ධාවනයේ යෙදුණේ සාමාන්‍ය කෘතිම පාද පැළඳගෙනයි.

ඔවුන්ටද අධි තාක්‍ෂණික කෘතිම පාද තිබුණේ නම් පහසුවෙන් පදක්කමක් දිනාගැනීමට හැකියාව තිබුණ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිළධාරියෙකු ප්‍රකාශ කළේය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 September 2016 10:38