May 19, 2024

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් පැරා ඔලිම්පික් අවසන් තරඟයකට

September 12, 2016

2016 රියෝ පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ මීටර් 200 ටී 42 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් දෙදෙනෙකු සමත්වී තිබේ.

ඊයේ (11) පැවති මූලික වටයේ දී සිව්වන ස්ථාන හිමිකර ගනිමින් මෙලෙස අවසන් තරගයට පිවිසියේ අනිල් ප‍්‍රසන්න ජයලත් සහ උපුල් ඉන්දිකයි.

ඔවුන් දෙදෙනා සහභාගී වන අවසන් තරගය අද (12) රාත‍්‍රියේ පැවැත්වීමට නියමිතය.

මේ අතර මීටර් සියය හතර පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට ද අද ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් උපුල් ඉන්දික, දිනේෂ් ප‍්‍රියන්ත, අනිල් ප‍්‍රසන්න ජයලත් සහ අජිත් ප‍්‍රසන්න කුමාර සහභාගී වේ.

මේ අතර පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ පිරිමි රෝද පුටු ටෙනිස් කේවළ ඉසව්වේ තුන්වන වටය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ උපාලි රාජකරුණා තැබූ බලාපොරොත්තු ඊයේ බිඳවැටුණි.

ඒ, දෙවැනි වටයේ දී බි‍්‍රතාන්‍ය ක‍්‍රීඩකයෙකු හමුවේ වට දෙකට බිංදුවක් ලෙස ඔහු පරාජය වීමත් සමගයි.

රියෝ පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ පදක්කම් සටහනේ මේ වනවිට චීනය පෙරමුණ ගෙන සිටී.

ඒ රන් පදක්කම් 39 ක්, රිදී පදක්කම් 30 ක් සහ ලෝකඩ පදක්කම් 23 ක් දිනා ගනමිනි.

පදක්කම් සටහනේ දෙවන ස්ථානය රන් පදක්කම් 23 ක් දිනූ බි‍්‍රතාන්‍යයට හිමිව ඇති අතර රන් පදක්කම් 18 ක් දිනා ගනිමින් තුන්වන ස්ථානයේ පසුවන්නේ යුක්රේනයයි.

14284831_10210644974226854_1922565884_o

14315681_10210644974186853_886625238_o

Rate this item
(0 votes)
Last modified on Monday, 12 September 2016 11:52