May 19, 2024

ඩිල්ෂාන් ජගත් පිටියෙන් සමුගන්නා දිනය අදයි

September 09, 2016

වසර 17ක කාලයක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපවූ තිලකරත්න ඩිල්ෂාන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් තරඟය අද (09) රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතය.

පළමු විස්සයි 20 තරගයෙන් වාර්තාගත ජයක් ලබාගත් ඕස්ට්‍රේලියානු පිල අද දෙවැනි විස්සයි 20 තරගයේදී පරාජය කොට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා තම සහෘදයාට ගෞරවයක් ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ එකම අරමුණවී තිබේ.

අද තරඟය පිළිබඳබ ඊයේ (08) අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා ශක්තිමත්ව මුහුණදීමේ හැකියාව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සතුව ඇති බවයි.

ටෙස්ට් තරගාවලිය ජයගෙන එක්දින හා විස්සයි 20 තරගාවලි දෙකම පරජයවීමට නොහැකි බැවින් අද තරගය ජය ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා පුහුණුකරුගේ මතයයි.

ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් කවුරුන්ද යන්න අද තරගය ආරම්භයට පෙර අවසන් තීරණයකට එළැඹෙන බව ද පුහුණුකරු ෆෝඩ් මහතා පැවැසීය.

මේ අතර ඕස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන් ප්‍රකාශ කළේ ටෙස්ට් තරගාවලිය පරාජය වුවද එක්දින හා විස්සයි 20 තරගාවලි දෙකම ජය ගැනීම තම පිලේ අරමුණවී ඇති බවයි.

"විස්සයි20 තරගාවලියත් අප ජය ගන්නවා. අපේ ඉදිරි පෙළ ශක්තිමත්. එමෙන්ම පන්දු බළ ඇණිය ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. දැන් අප ඉන්නේ හොඳ සමබර තත්ත්වයක" යනුවෙන් ඔහු අද තරඟය පිළිබඳව අදහස් දැක්වීය. 

ශ්‍රී ලංකා පිල විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග හැර සියලු තරග පරාජයවූ අතර එයින් අනතුරුව සහභාගීවූ තරග දෙකක්ද පරාජයවී සිටී.

ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් නොලබා ඉවතට ගිය අතර ඉන් පසුව සහභාගීවන පළමු විස්සයි 20 තරගාවලිය මෙය වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 September 2016 08:59