April 27, 2024

නමවන වරටත් පාකිස්ථානය පරාජය වේ

පන්දුවාර 20/20 ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපර් ටෙන් වටයේ පළමු ජයග‍්‍රහණය ලැබීමට ඉන්දීයාව ඉකුත් 21 වැනිදා සමත් විය.

පාකිස්ථානු කණ්ඩායම කඩුළු 07කින් පරාජය කරමින් එම ජය හිමිකරගෙන තිබේ.  

අයිසීසී ලෝක කුසලාන තරගාවලියක දී පාකිස්ථානය ඉන්දියාව හමුවේ පරාජය වු 09 වැනි අවස්ථාව මෙය වේ.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20දී කඩුළු 07ක් දැවී ලකුණු 130ක් ලබා ගත්හ.

ඉන්දීය ක‍්‍රීඩකයින් එම ලකුණු සංඛ්‍යාව පසුකර ගියේ පන්දුවාර 18යි පන්දු 03ක් පමණක් වැය කරමිනි. 

 

Rate this item
(0 votes)