May 19, 2024

සුසන්තිකාට නව තනතුරක්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම පිළිබඳ උපදේශක තනතුරට හිටපු ශ්‍රී ලංකා දක්ෂ මලල ක්‍රීඩිකාවක් වන සුසන්තිකා ජයසිංහ තෝරා පත්කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා විසින්  අද (12) දින ක්‍රීඩා අමාත්‍යංශයේදී ඇයට එම පත්වීම ප්‍රධානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සහ සහකාර ලේකම් එම්. එම්. විජයසේන මහතා යන මහත්වරුන් සහභාගී විය.

1

Rate this item
(0 votes)
Last modified on Friday, 12 August 2016 15:21