May 19, 2024

වාස් ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකාර බල ඇණියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීම් පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක චමින්ද වාස් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

ඒ අනුව සැප්තැම්බර් මස 01වන දින සිට බලපැවැත්වෙන පරිදි චමින්ද වාස් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන බවත් මීට අමතරව නික් පොතාස් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බවත් වාර්තා වේ.

මීට පෙරාතුව ද වාස්  ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කළ අතර 2015 මැයි 01වන දින සිය ධූරයෙන් ඉල්ලා අස්වූ ඔහු අයර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 August 2016 14:55