May 07, 2024

කැන්ගරුවන් පරදා සිංහයෝ ජයගනී

ලොව අංක එකේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වන ඔස්ට්‍රේලියා කණ්ඩායම පිට පිටම ටෙස්ට් තරඟ දෙකකදී පරාජය කරමින් ඓතිහාසික ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (06) සමත් විය.

ඒ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේ පැවති ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයෙනි.

ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදමින් ශ්‍රී ලංකාව ලබාගත් තෙවැනි ජයග්‍රහණය මෙයයි.

තරගයේ ජයග්‍රහණයත් සමගින් වෝන් - මුරලි ටෙස්ට් කුසලානය තමන් යටතට ගැනිමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 06 August 2016 13:47