May 07, 2024

දිල්රුවන්ගෙන් වේගවත් වාර්තාවක්

අඩුම ටෙස්ට් තරඟ සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුළු 50 සම්පූර්ණ කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට දිල්රුවන් පෙරේරා පත්විය.

ඔහු මෙම දක්ෂතාවය ප්‍රදර්ශනය කළේ ඊයේ (04) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රි ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟයේදී වන අතර එය ඔහුගේ 11වන ටෙස්ට් තරඟයයි.

මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ අජන්ත මෙන්ඩිස් වන අතර ඔහු සිය ටෙස්ට් කඩුලු 50 සම්පූර්ණ කිරීමට ටෙස්ට් තරඟ 12ක් වැයකර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 06 August 2016 09:38