May 06, 2024

කැන්ගරුවන්ට ලකුණු 412ක ඉලක්කයක්

සංචාරක ඔස්ට්‍රේලියානු පිල සමගින් ගාලු ක්‍රීඩංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 237කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ පසුපෙළ සාර්ථක කළ ඩිල්රුවන් පෙරේරා ලකුණු 67ක් වාර්තා කළ අතර ඔහු හැරෙන්නට අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 50 සීමාව ඉක්මවීමට නොහැකි විය.

පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදී ද ශ්‍රී ලංකා ඉනිම බිඳදැමූ මිචෙල් ස්ටාක් කඩුළු 06 ක් දවාලූ අතර ඒ සමගින් සමස්ත තරඟයේදී කඩුළු 11ක් බිඳ හෙලිමට ඔහු සමත් විය.

මෙය ටෙස්ට් තරගයකදී ස්ටාක්ගේ හොඳම පන්දු යැවීම වන අතර ගාලු ක්‍රීඩාංගණයේ දී විදෙස් පන්දු යවන්නෙකු ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කල හොඳම පන්දු යැවීම ද එයවීම විශේෂත්වයකි.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 412ක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකාවට හැකි විය.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 281ට පිළිතුරු ලෙසින් ඔස්ට්‍රේලියාවට සියළු දෙනා දැවි සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 106 ක් පමණි.

Rate this item
(0 votes)
Last modified on Friday, 05 August 2016 17:25