May 02, 2024

රංගනගෙන් කඩුලු ත්‍රිත්වයක් (VIDEO)

ටෙස්ට් තරඟයකදී නුවන් සොයිසාට පසු කඩුළු ත්‍රිත්වයක් ලබාගත් ශ්‍රී ලංකාවේ දෙවන පන්දු යවන්නා බවට රංගන හේරත් අද (05)  පත්විය.

ඒ මේ වනවිට ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයට තරඟය ක්‍රියාත්මක වෙමින් තිබියදීය.

රංගන හේරත් ඔස්ට්‍රේලියානු ඉනිමේ 25 වැනි පන්දුවාරය යවමින් ඇඩම් වෝගස්, පිටර් නෙවිල් හා මිචෙල් ස්ටාක්ගේ කඩුළු පන්දු ත්‍රිත්වයකින් දවා ගනිමින් ඔහු මෙම දස්කම පෑවේය.

මිචෙල් ස්ටාක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ බවට ඉල්ලීමක් කළත් විනිසුරු එය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී නායක ඇන්ජලෝ මැතිව්ස් එය තෙවන විනිසුරු ලවා පරික්ෂා කිරීමේදී ඔහු දැවී ගිය පිතිකරුවෙකු බවට තහවුරු විය.

ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 281ට පිළිතුරු ලෙස මීට ටික වේලාවකට පෙර කඩුළු 8ක් දැවී ලකුණු 85ක් ලබා සිටියේය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 05 August 2016 12:46