May 01, 2024

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 281 සීමා වෙයි

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද (04) ගාල්ලේ දී පැවැත්වූ දෙවැනි ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 281ක් රැස්කරනු ලැබීය.

දඟ පන්දු යවන්නන්ට වඩාත් හිතකර ගාලු පිටියේදී කඩුලු 05ක් දවා ගැනීමට වේග පන්දු යවන මිචෙල් ස්ටාක් සමත්වීම කැපී පෙනේ.

ඒ අනුව ශ්‍රී ලංකා පිලෙන් එල්ල වූ ලකුණු 281ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමු දිනයට තරගය නිමා කරන විට කඩුලු දෙකට ලකුණු 54ක් රැස්කරගෙන සිටී.

දිනයේ අවසන් පන්දුවාරයේදී ඩේවිඩ් වොනර් දවා ගැනිමට ශ්‍රී ලංකා පිලේ ඩිල්රුවන් පෙරේරා සමත්විය.

ඒ අනුව පළමු දිනයට තරඟය නිමා කරන විට ඔස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 227ක් පසුපසින් සිටියේ කඩුලු අටක් අතැතිවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 August 2016 17:36