May 02, 2024

නුවන්ටත් ආබාධයක් - ගාලු ටෙස්ට් තරඟය අවිනිශ්චිතයි

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ හෙට (04) පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයට ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ සහභාගීත්වය අවිනිශ්චිතව තිබේ.

ඒ ඔහුගේ පාදයේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙනි.

ඔහුගේ පාදයේ මස්පිඩු ආශ්‍රිත ආබාධයකට ලක්ව ඇත්තේ තරඟය සඳහා සිදුකළ පුහුණුවීම් අතරතුරයි.

ධම්මික ප්‍රසාද්, දුෂ්මන්ත චමීර සහ සුරංග ලක්මාල් ද තවමත් ආබාධ වලින් පීඩා විඳීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා ලෙස කටයුතු කලේද නුවන් ප්‍රදීප්ය.

අද (03) දිනයේ පැවැත්වෙන වෛද්‍ය පරීක්ෂණයකින් පසු දෙවන ටෙස්ට් තරගය සඳහා ඔහුට සහභාගී විය හැකිද යන්න තීරණය කෙරෙනු ඇති.

යම් හෙයකින් ප්‍රදීප්ට එම තරගයට සහභාගී විය නොහැකි වුවහොත් අසිත ප්‍රනාන්දුට හෝ විශ්ව ප්‍රනාන්දුට තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්තාව හිමිවිය හැකි බවයි වාර්තා වෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 August 2016 09:09