May 01, 2024

ඇෆ්ගනිස්‌තානය ඉල්ලා අස්‌වීමෙන් ශ්‍රී ලංකාවට නිතරග ජයක්‌

10 වැනි ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාවලියේ B කාණ්‌ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පළමු තරගය ඊයේ (01) ඇෆ්ගනිස්‌තාන කණ්‌ඩායම සමගින් පැවැත්වීමට යෙදී තිබුණ නමුත් ඇෆ්ගනිස්‌තාන කණ්‌ඩායම තරගාවලියෙන් ඉවත්වීම මත නිතරග ජයක්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායමට හිමි විය.

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපති යසා රාමචන්ද්‍ර මහත්මිය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ ඊයේ ශ්‍රී ලංකා කණ්‌ඩායමට තරඟ වැදීමට නොලැබීම හේතුවෙන් තරගාවලියේ පන්නරයක්‌ ලබාගෙන ජයග්‍රාහී ආරම්භයක්‌ සමගින් ගමන ආරම්භ කිරීමට තිබූ අවස්‌ථාව ගිලිහීයාම අවාසනාවන්ත තත්ත්වයක්‌ වුවත් පැවැත්වෙන ඉදිරි තරඟ ජයගනිමින් මෙවර කුසලාන දිනාගැනීමට කණ්‌ඩායමේ සියලුදෙනා එකාමෙන් කටයුතු කරනු ලබන බවයි. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගීවන දෙවැනි තරඟය ජපාන කණ්‌ඩායම සමඟින් පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් අද (02) ප.ව. 6 ට ආරම්භවීමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක දිනයේ පැවැති ප්‍රථම තරගයේදී මැලේසියා කණ්‌ඩායම හමුවේ ලකුණු 73-16 ක්‌ වශයෙන් ජපාන කණ්‌ඩායම දරුණු පරාජයකට ලක්‌වීම ශ්‍රී ලංකාව පිලට වාසිදායක තත්ත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 August 2016 09:25