May 01, 2024

ආසියානු සත් සාමාජික රග්බි ශුරතාව ලංකාවට

වයස අවුරුදු 20න් පහල ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ තවත් අදියරයක ශුරතාවය ශ්‍රී ලංකා යොවුන් පිල ඊයේ (31) දිනා ගත්තේය.

ඔවුන් එලෙස ජයගත්තේ මැලේසියාවේ ජෝහෝර් නගරයේ දී ඊයේ පැවති අවසන් තරඟයේ දී ලකුණු 38ට 0ක් ලෙස ප්‍රබල දකුණු කොරියානු කණ්ඩායම පරාජය කරමිනි.

තරඟයේ පළමු අර්ධය නිමා වනවිටත් ලකුණු 21ට 0ක් ලෙස ශ්‍රී ලංකා පිල පෙරමුණේ පසුවිය.

ඒ අනුව ගෝල දිනුම් 04ක් සහ උත්සාහක දිනුම් 02ක් මගින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තරඟයේ ජය හිමි කරගනු ලැබීය.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 August 2016 08:56