May 02, 2024

ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ජය ගනී

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වූ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 106 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට අද (30) ශ්‍රී ලංකාව සමත් විය.

අවසන් දිනය වන අද ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාවට සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු  161 ක් පමණි.

අයහපත් කාලගුණය නිසා අද තරඟය ආරම්භය ද පමා වූ අතර ඊයේ (29) දිනයේදී ද තරඟයට වර්ෂාවෙන් බාධා පැමිනුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේ පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී රැස් කළේ ලකුණු 117ක් පමණක් වන අතර ඕස්ට්‍රේලියා පිල පළමු ඉනිමේ දී ලකුණු 203කට සීමා විය.

කෙසේ වෙතත්, කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු 176ත් සමඟ ශ්‍රී ලංකා දෙවන ඉනිම අවසන් වුණේ ලකුණු 353ක් ලෙසයි.

මෙම තරඟය ජයග්‍රහණය 1999න් වසරෙන් පසු ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙසට වාර්තා අතරට එක්වේ.

එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් රංගන හේරත් කඩුලු  5 ක් ලබා ගත් අතර ලක්ෂාන් සඳකැන් කඩුලු 3 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව සුපිරි ජයක් කරා රැගෙන ගියේය.
Rate this item
(0 votes)
Last modified on Saturday, 30 July 2016 15:16