May 02, 2024

ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ තරඟයෙන් ඩිලන්ත පෙරමුණේ (VIDEO)

පසුගියදා තායිලන්තයේ දී ලැම්බෝගිනි ආසියානු සුපර් ට්‍රොෆියෝ මෝටර් රථ තරඟාවලියේ 3වන අදියර පැවැත්වූ අතර එහිදී  ශ්‍රී ලංකා කොඩිය යටතේ තරඟ බිමට එක්වූ ඩිලන්ත මාලගමුවගේ ඩිලන්ගෝ රේසින් කණ්ඩායමට පෙරමුණට ඒමට හැකිවිය.

මෙම අදියර තරඟ 2 කින් සමන්විත වූ අතර එහිදී පළමු තරගයට එක් වූ ශ්‍රී ලංකාවේ ඩිලන්ත මාලගමුව 3 වැන්නා ලෙස තරගය අවසන් කළේය.

2 වන තරගයේ දී ඩිලන්ත ප්‍රමුඛ කණ්ඩායම තරඟය අවසන් කළේ 2 වන ස්ථානය දිනා ගනිමිනි.

ලැම්බෝගිනි ආසියානු සුපර් ට්‍රොෆියෝ මෝටර් රථ තරගාවලියේ අදියර 3 ක් නිමාවන විට ශූරතා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකාවේ ඩිලන්ත මාලගමුව සහ ඔහුගේ සහයක රියදුරු ඉන්දියාවේ අමාන් ඊබ්‍රහිම්.

තරගාවලියේ සිව්වන අදියර ලබන මස 13 සහ 14 යන දිනයන්හි මැලේසියාවේ දී පැවැත්වීමට නියමිතය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 July 2016 15:17