May 02, 2024

මංගල තරඟයේදීම සඳකැන් වාර්තාවක් පිහිටුවයි (VIDEO)

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද (28) යි.

වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා ඊයේ (27) තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 06ක් ලබාගෙන සිටියේය.

පළමු ඉනිම අවසානයේ ඔස්ට්‍රේලියා කණඩායම සියල්ලන් දැවී ලකුණු 203ක් රැස් කරගෙන සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම අවසානයේ රැස් කරගත හැකිවූයේ ලකුණු 117ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් සහ ලක්ෂාන් සඳකැන් දඟ පන්දු යවමින් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළේය.

තම මංගල තරඟයේදීම වමත් දඟ පන්දු යවන්නෙකුගේ හොඳම පන්දු යැවීමට හිමි වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට කඩුලු 04ක් ලබා ගනිමින් ලක්ෂාන් සඳකැන් සමත් වීම තරඟයේ සුවිශේෂි සිදුවීමක් විය.

ඔස්ට්‍රේලියානු වමත් පන්දු යවන්නෙකු වූ ලෙස්ලි ස්මිත් විසින් 1935 දී එංගලන්තයට එරෙහිව ලකුණු 64ට කඩුලු 04ක් ලබාගැනීම මීට පෙර තිබූ වාර්තාවයි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 July 2016 10:19