May 01, 2024

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියානු පිල අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද (27) යි.

පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟය ඊයේ (26) දිනයේ දී ඇරඹුණු අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඊයේ පස්වරුවේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීමෙන් තරඟය නතර කරනවිට පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 66 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුනු 117 කට සීමා විය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 July 2016 13:12