May 04, 2024

පුහුණුකරුවන් දැනගතයුතුම දෙයක් ගැන මැතිව්ස් කියයි (VIDEO)

දිගින් දිගටම තම කණ්ඩායමේ ක්‍රීඩකයින් ආබාධයන්ට ලක්වීම හැකි ඉක්මනින් විසඳාගත යුතු කරුණක් බවත් ඒ අනුව නවක ක්‍රීඩකයින් බිහි කිරීම සම්බන්ධයෙන් මෙරට පසුපෙළ පුහුණකරුවන්ට විශාල වගකීමක් ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (26) සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයට මුහුණ දීමේ සූදානම පිළිබඳව ඊයේ (25) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී අදහස් දැක්වූ මැතිව්ස්, "ක්‍රීඩා කරන එකොලොස් දෙනා ගැනම මට ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් අවාසනාවකට අපේ හොඳම පන්දු යවන්නන් ටික ආබාධවලට ලක්වෙලා තියෙනවා. එහෙම කියලා අපිට මේ තරඟය ගහන්නැතුව ඉන්න බැහැ. මේ වෙනකොට හොඳම පන්දු යවන්නන් අපි තෝරලා තියෙනවා. ඔවුන්ගෙන් අපි ඒ කාර්යය උපරිමයෙන් ඉෂ්ඨ කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පිටිපස්සේ ඉන්න පුහුණුකරුවන්ට විශාල කාර්යභාරයක් තියෙනවා. ඊළඟ වසර ඇතුළත නවක ක්‍රීඩකයින් බිහිකරන්න. ජාත්‍යන්තර තරඟවලදි අපිට කියන්න බැහැ අපිට පන්දු යවන්නෝ නැහැ කියලා. පුහුණකරුවන් දැනගන්න ඕනි පන්දු යවන්නෝ නැත්නම් ඔවුන් බිහිකරන්න" යි පැවසීය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 July 2016 10:42