May 04, 2024

ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අද

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) පැවැත්වීමට නියමිතය.

ඒ අද උදෑසන 10.00ට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීය.

තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් විසින් දරනු ලබන අතර ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා නායක ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු, රංගන හේරත්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, රොෂේන් සිල්වා සහ කෞෂාල් සිල්වා ඇතුළත්ය.

ඔස්ට්‍රේලියානු සංචිතය සඳහා නායක ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර්, ජෝ බර්න්ස්, ජොෂ් හේසල්වුඩ්, උස්මාන් කවාජා, නේතන් ලයන්, මිචෙල් මාෂ්, පීටර් නෙවිල්, ස්ටීව් කෆී, මිචෙල් ස්ටාර්ක් සහ ඇඩම් වෝග්, ජැක්සන් බර්ඩ්, නේතන් කූල්ටර්-නයිල්, මෝයිසස් හෙන්රිකස් සහ ෂෝන් මාෂ් යන අය ඇතුළත්ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 July 2016 08:59