May 03, 2024

රුසියාවට ඔලිම්පික් වරම් හිමිවෙයි

මෙවර රියෝ නගරයේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට රුසියාවට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජගත් ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

ඒ ඊයේ (24) අදාළ තහනම සම්බන්ධයෙන් රුසියානු ඔලිම්පික් කමිටු බලධාරින් ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බැලීමෙන් පසුවය.

එම කමිටුව තීරණය කර ඇත්තේ දැඩි නීති රීති සහ කොන්දේසිවලට යටත්ව මෙවර රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවීමට රුසියාවට අවස්ථාව ලබාදෙන බවයි.

රාජ්‍ය අනුග්‍රහය යටතේ තහනම් උත්තේජක භාවිතා කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් නිසා රුසියාවට රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවීම ජගත් ඔලිම්පික් කමිටුව තහනම් කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 July 2016 09:03