May 03, 2024

පැරණි මෝටර් රථ රැලියක් හෙට බත්තරමුල්ලේදී

පැරණි මෝටර් රථ රැලියක් හා ප්‍රදර්ශනයක් හෙට (24) බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ දී පැවැත්වේ.

ඒ අනුව මෙම පැරණි මෝටර් රථ රැලිය හෙට පස්වරු 3.00ට කොළඹ තුරඟ තරඟ පිටිය අසලින් ආරම්භ වන අතර තුම්මුල්ල හන්දිය, බම්බලපිටිය, කොල්ලුපිටිය, ග්‍රීන්පාත්, නෙළුම් පොකුණ මංසන්දිය, රාජගිරිය ඔස්සේ බත්තරමුල්ල වෝටරස් ඒජ් පරිශ්‍රයට පැමිණීමට නියමිතය.

ඉන් අනතුරුව බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ දී පැරණි මෝටර් රථ ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.

මෙම මෝටර් රැලිය සංවිධානය කරනු ලබන්නේ සිලෝන් එක්ස්පෝ මෙබයිල් කල්බ් (Ceylon Expo Automobile Club)  මගිනි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 July 2016 13:46