May 04, 2024

ඊයේ කුක් සහ රූට් පිට පිට හතරේ පහර එල්ල කළේ මෙහෙමයි (VIDEO)

සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වූ දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය ඊයේ (22) නිමාවට පත්වූ අතර අද (23) පැවැත්වෙන්නේ එහි දෙවන දිනයයි.

ඊයේ දිනයේ තරඟය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 314ක් රැස්කරගෙන සිටියේය.

එහිදී කැපී පෙනෙන ලෙස දස්කම් පෑවේ එහි නායක ඇලෙස්ටෙයාර් කුක් සහ ජෝ රූට්ය.

එහිදී නායක ඇලෙස්ටෙයාර් කුක් ලකුණු 105ක් ලබාගත්තේ පන්දු 172කදී හතරේ පහර 15ක් සමඟිනි.

එමෙන්ම නොදැවී පන්දුවට පහරදුන් ජෝ රූට් පන්දු 246කදී හතරේ පහර 1ක් සමඟ ලකුණු 141ක් රැස් කළේය.

ඊයේ තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 July 2016 10:55