May 03, 2024

ඔලිම්පික් වරම් ලැබූවන් ජනපති හමුවෙයි

බ්‍රසීලයේ පැවැත්වෙන 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

එහිදී ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමඟ සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභාශිංසන පළ කළ අතර මාතෘ භූමිය වෙනුවෙන් ජයග්‍රහණ අත්කර ගැනීම සදහා ආශිර්වාදය ද පළ කළේය.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල සැමරීම වෙනුවෙන් නව සමරු මුද්දර 04 ක් සහ මුල් දින කවරයක් තැපැල් දෙපාර්තමේන්තුව මගින් එළිදක්වා ඇති අතර එහි පළමු මුද්දරය සහ මුල් දින කවරය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

ඡායාරූප පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 July 2016 10:02