May 02, 2024

කොදෙව් - ඉන්දීය පළමු ටෙස්ට් තරඟය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය අද (21) පැවැත්වීමට නියමිතය.

නෝත් සවුන්ඩ්හිදී පැවැත්වෙන මෙම තරඟාවලිය තරඟ 04කින් සමන්විතය.

2011 වසරේ ඉන්දීය පිලේ කොදෙව් සංචාරයේදී පැවැති ටෙස්ට් තරගාවලියේ තරඟ 02ක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඉන්දීය පිල 1-0 ක් ලෙස තරඟාවලිය ජයගත්තේය.

නමුත් එතැන් සිට මේ දක්වා ඉන්දීය පිල ආසියානු කලාපයෙන් පිටත පැවැති තරඟාවලි 06ක් එක දිගට පරාජය වී තිබේ.

ඒ අනුව ඔවුන්ගේ තරඟ වාර්තාව වන්නේ තරඟ 20 කින් තරඟ 15 ක් පරාජය වීමක් ලෙසයි.

කෙදෙව් - ඉන්දීය ටෙස්ට් තරගාවලිය

ජූලි 21-25: පළමු ටෙස්ට් තරගය ඇන්ටිගුවාහිදී
ජූලි 30-අගෝ 3: දෙවැනි ටෙස්ට් තරගය ජැමෙයිකාවේදී
අගෝ 9-13: තුන්වැනි ටෙස්ට් තරගය ශාන්ත ලුසියාහිදී
අගෝ 18-22: සිවුවැනි ටෙස්ට් තරගය ටිරනිඩෑඩ්හිදී

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 July 2016 09:44