May 02, 2024

පාකිස්තානු ක්‍රීඩකයෝ ජය සමරන අලුත්ම විදිය මෙන්න (VIDEO)

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ඊයේ (17) පැවැත්වූණු පාකිස්තානය සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 75ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් විය.

එහිදී පළමු ඉනිම වෙනුවෙන් පාකිස්තානය සියල්ලන් දැවී ලකුණු 339ක් රැස් කළ අතර එංගලන්තයට පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 272ක් පමණි.

දෙවන ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය සියල්ලන් දැවී ලකුණු 215ක් රැස් කළ අතර එංගලන්තයට දෙවන ඉනිම වෙනුවෙන් රැස් කර ගත්තේ සියල්ලන් දැවී ලකුණු 207ක් පමණි.

පළමු ඉනිමේදී එංගලන්ත කඩුලු 06ක් සහ දෙවන ඉනිමේ කඩුලු 04ක් බිඳහෙලූ Yasir Shah තරඟයේ වීරයා බවට පත්විය.

මේ අතර සිය ජයග්‍රහණයෙන් අනතුරුව පාකිස්තානු කණ්ඩායම සිය ජයග්‍රහණය පිටියේදීම සැමරූ ආකාරය පිළිබඳව බොහේ දෙනෙකුගේ විශේෂ අවධානයට ලක්විය.

එය පහත වීඩියෝවෙන් නරඹන්න.

Rate this item
(1 Vote)
Last modified on Monday, 18 July 2016 09:28