May 02, 2024

මිස්බාගෙන් වාර්තාගත ශතකයක් (VIDEO)

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරය අරඹමින් පළමු ටෙස්ට් තරගය පෙරේදා (14) දින ආරම්භ වූ අතර එහිදී පාකිස්තාන නායක මිස්බාඋල් හක් සිය 10 වැනි ශතකය වාර්තා කරමින් ටෙස්ට් ශතකයක් වාර්තා කළ වයස්ගතම නායකයා බවට ඉතිහාසයට එක්විය.

එංගලන්තයේ ලෝඩ්ස් ක‍්‍රිකට් ක‍්‍රිඩංගණයේදී තරඟය පැවති අතර තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක මිස්බාඋල් හක් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මුදලට තරඟ පාවා දීමේ වරදට ජාත්‍යන්තර තරඟ තහනමක් පනවා තිබු පාකිස්තාන වේග පන්දු යවන ක‍්‍රිඩක මොහොමඩ් අමීර් මෙම තරඟයේදි යළි ටෙස්ට් ක‍්‍රිකට් පිටියට පැමිණියේ වසර 06 කට පසුව විමද විශේෂත්වයකි.

පෙරේදා දිනය සඳහා තරඟය නතර කරන විට පළමු ඉනිම ක‍්‍රීඩා කළ පාකිස්තානය කඩුලූ 06 ක් දැවි ලකුණු 282 ක් රැස්කරගෙන සිටියේය.

එහිදී මොහොමඞ් හෆිස් ලකුණු 40ක් ද යුනිස් ඛාන් ලකුණු 33 කට දැවීයාම ද සිදුවිය.

පාකිස්තාන ඉනිම සවිමත් කළේ 05 වැනි කඩුල්ලට ලකුණු 148 ක් එක්කළ මිස්බාඋල් හක් සහ අසාද් ෂෆික් විසිනි.

අසාද් ෂෆික් ලකුණු 73 ක් රැස්කලේ 4 පහර 12 ක් සමගිනි.

සුපිරි ඉනිමක් ක‍්‍රිඩාකරමින් සිටින නායක මිස්බාඋල් හක් නොදැවි ලකුණු 110 ක් රැස්කර ගෙන සිටියේ 4 පහර 18 ක් සමගිනි.

 මිස්බාඋල් හක් එදින වාර්තා කලේ තම 10 වැනි ශතකයයි.

එමෙන්ම ඔහු ඉතිහාසයට එක්වුණේ ටෙස්ට් ශතකයක් වාර්තා කළ වයස්ගතම ක‍්‍රිඩකයා ලෙසටයි.

මිස්බාට මේ වන විට වයස අවුරුදු 42 යි දින 47 ක් වේ.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඕස්ටේ‍්‍රලියාවේ බොබ් සිම්සන් විසිනි.

එම වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 16 July 2016 13:23