May 02, 2024

ටේලර් ටෙස්ට් දිවියට සමුදෙයි

බටහිර ඉන්දීය කොදෙව් පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ජෙරොම් ටේලර් ටෙස්ට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඔහු තමන් ටෙස්ට් දිවියෙන් සමු ගැනීමට තීරණය කළ බව නිළ වශයෙන් දැනුම් දුන් බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

32 හැවිරිදි ටේලර් වසර 13 කට වැඩි කාලයක් ක්‍රීඩා කරමින් ටෙස්ට් තරඟ 46කදී කඩුලු 130 ක් දවා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් ටේලර් එක්දින හා විස්සයි 20 තරඟ තවදුරටත් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන් බව ද කොදෙව් ක්‍රීකට් ආයතනය වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 July 2016 08:59