May 02, 2024

ශ්‍රී ලංකා යොවුන් පිල අප්‍රිකාව පරදා ජයගනී

ශ්‍රී ලංකාව හා අප්‍රිකාව අතර වයස 19න් පහල තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය ඊයේ (11) කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවැතිවිණි.

ඒ අනුව ඊයේ පැවති ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ දකුණු අප්‍රිකානු වයස 19 න් පහළ පිල අතර පැවති දෙවැනි තරඟයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ලකුණු 12 ක (ඩක්වත් ලුවිස් න්‍යායට) ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්විය.

ඊයේ පස්වරු 5.20 ට පමණ ඇති වූ වර්ෂාව හේතුවෙන් තරඟය අත්හිටුවන විට ලකුණු 210 ක ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකානු යොවුන් පිල ඕවර 47.4 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 184 රැස්කර සිටියේය.

දකුණු අප්‍රිකානු පිල ජය ලැබීමට නම් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 47.4 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 196 ක් රැස්කර තිබිය යුතුය.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් වෙතින් පහසු උඩ පන්දු 03ක් ගිලිහි ගිය අතර එම උඩපන්දු රැකගත්තේ නම් ජයග්‍රහණය මීට වඩා පහසු වීමට ඉඩ තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 July 2016 09:09