May 06, 2024

කුසල්ට වන්දි ගෙවන්න ICCය එකඟ වෙයි

තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට තරඟ තහනමක් පැනවීම සහ ඉන් අනතුරුව ඔහු නිවරදිකරුවෙකු බවට සනාථ වීම නිසා කුසල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් වන්දි ගෙවීමට එකඟ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අද (06) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේ දීය.

වැරදි පරීක්ෂණයකින් කුසල් ජනිත් පෙරේරාට තරඟ තහනමක් පනවා ඉන් ඔහුට සිදු වූ අසාධාරණය වෙනුවෙන් මෙම වන්දි මුදල පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල්ක එකඟ වී තිබේ.

ඔහුට හිමිවන වන්දි මුදල තවමත් තීරණය වී නොමැත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 July 2016 12:05