May 03, 2024

ක්‍රිකට් උපන් රටේදී ලංකාව යළිත් ඇද වැටෙයි (VIDEO)

ඊයේ (05) ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 08ක සුවිශේෂී ජයක් ලබා ගැනීමට එංගලන්තය සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 අවසානයේ රැස්කර තිබුණේ සියල්ලන් දැවී ලකුණු 140ක් පමණයි.

එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් තම මංගල ජාත්‍යන්තර තරඟයට එක්වූ La Dawson ලකුණු 27කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූ අතර CJ Jordan කඩුලු 03ක් සහ LE Plunkett කඩුලු 02ක් දවා ගත්තේ ය.

ඒ අනුව ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 17යි පන්දු 03ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 144ක් ලබා තරගයේ ජයග්‍රහණයට හිමිකම් කීවේය.

ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 02ක් දවා ගැනීමට සමත් වූ අතර පසුගිය දින කිහිපය පුරා කතාබහට ලක්වූ Jos Buttler පන්දු 49කදී හයේ පහර 04ක් සහ හතරේ පහර 03ක් සමඟින් ලකුණු 73ක් රැස් කළේය.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 July 2016 09:01