May 04, 2024

වාර්තාගත පරාජය ගැන මැතිව්ස් සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරයේ දී මෙතෙක් ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත්වීම පිළිබඳව තමන් සමාව අයදින බව ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කොට තිබේ.

ඒ තම ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමිනි.  “ අපේ ක්‍රීඩා විලාසය නිසා ඇතැමුන් කණ්ඩායමට වෛර කරනු ඇති. එහෙත් ශ්‍රී ලංකා පිළට ආදරය කරන කණ්ඩායමක් ද සිටිනවා. ඔබව පහතත හෙළීම ගැන කණගාටුයි “ ලෙසයි.

එංගලන්ත සංචාරයේ දී ටෙස්ට් තරඟාවලිය දෙකට බිංදුවක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟාවලිය ද තුනට බිංදුවක් ලෙස පරාජයට පත්විය.

අද (05) දිනයේ දී එංගලන්ත සංචාරයේ අවසන් තරඟය වන විස්සයි විස්ස තරඟය සදැම්ප්ටන්හි දී පැවැත්වීමට නියමිතය.

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 July 2016 09:01