May 04, 2024

අවසන් තරඟය අදයි

ශ‍්‍රී ලංකාව සහ එංගලන්ත අතර පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරඟාවලියේ පස්වන සහ අවසන් තරගය අද (02) පැවැත්වීමට නියමිතය.

දිවා තරඟයක් වන මෙය එංගලන්තයේ කාඩිෆ් හි සොෆියා ගාර්ඩ්න්ස් ක‍්‍රීඩාංගණයේ දී ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.00ට පමණ ආරම්භ වේ.

2-0 ක් ලෙස මෙම තරඟාවලිය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම දැනටමත් සමත් වී ඇත.

ඔවුන් තරඟ කළ තුන් වන සහ හතරවන තරඟ ඔවුන් විසින් ජයගනු ලැබීය.

ඒ අතර දෙවන තරඟය වර්ෂාව නිසා අතහැර දැමුණු අතර පළමු තරඟය නිමා වූයේ දෙපිලේම ලකුණු සම වීමෙනි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 July 2016 09:00