May 04, 2024

ඔස්ට්‍රේලියානු පිලේ උපදේශනයට ලාංකික ක්‍රීඩකයෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන තිලාන් සමරවීර ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ උපදේශකවරයා ලෙස පත්කරගෙන තිබේ.

වාර්තා වන අන්දමට ඔහු ජුනි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 03ක කාලයක් උපදේශන කටයුත්තෙහි නිරතවීමට නියමිතය.

එමෙන්ම ඉදිරියේ දී ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ සිදුකරන තරඟ සංචාරයේ දී ද තිලාන් සමරවීර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කරනු ඇත.

ක්‍රිකට් පුවත් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට තිලාන් සමරවීර උපදේශන කටයුතු සිදුකරන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ශෝන් මාර්ෂ්, ජැක්සන් බර්ඩ් සහ ඇඩම් වොජස් වෙනුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිලාන් සමරවීර ප්‍රකාශ කොට ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තුන්කොන් තරඟාවලියට එක්නොවූ ක්‍රීඩකයින්ට තමා පුහුණු කටයුතු සිදුකරන බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 July 2016 09:04