May 04, 2024

ධර්මරාජයට සහ ත්‍රිත්ව විදුහලට රග්බි තහනමක් (VIDEO)

මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලිය අතරතුර ගැටුම් ඇතිකරගැනීම හේතුවෙන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට හා මහනුවර ධර්මරාජ විද්‍යාලයට මාස 09 බැගින් රග්බි තරඟ තහනමක් පනවන්නට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

එමෙන්ම කොළඹ කේරී විද්‍යාලයට ද මාස 06ක කාලයක් රග්බි තහනම් කරන්නට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇති අතර මෙම තහනම පනවන්නට හේතුවුයේ ඔවුන් පාසල් රග්බි තරඟාවලිය අතරතුර ගැටුම් ඇති කර ගැනීමයි.

මේ අනුව ධර්මරාජ විදුහල් අවුරුදු 20න් පහළ රග්බි කණ්ඩායමට මාස 09ක සහ ත්‍රිත්ව විදුහල් අවුරුදු 20න් පහළ රග්බි කණ්ඩායමට මාස 06ක තරඟ තහනමක පනවා තිබේ.

පසුගිය ජුනි 18වනදා මහනුවර පැවති අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියේ පළඟ ශූරයන් තීරණය කෙරුණු තරඟය අතරතුර ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවුණි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 July 2016 10:16