May 04, 2024

රෝයිගේ විශිෂ්ඨ පිති හරඹය එංගලන්තයට ජය ගෙනා හැටි (VIDEO)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවති සිව්වන එක්දින තරඟය කඩුලු 06කින් ජයගැනීමට එංගලන්ත පිල ඊයේ (29) සමත් විය.

එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයි ඊයේ ලන්ඩන් ඕවල් පිටියේදී කළ අති විශිෂ්ට පිතිහරඹය නිසා එංගලන්ත පිතිකරුවන්ට කිසිදු අපහසුතාවකින් තොරව ලකුණු 308ක ඉලක්කයක් හඹා යාමට හැකිවිය.

ඊයේ තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එය පන්දුවාට 42කට සීමා විය.

ඒ අනුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 42කදි කඩුලු 5ක් දැවී රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 305ක් පමණි.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 77, මැතිව්ස් නොදැවී ලකුණු 67ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 63ක් සහ දනුෂ්ක ගුණතිලක ලකුණු 62ක් ලබාගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 40යි එක් පන්දුවකදි කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 309ක් රැස්කර ගත්තේය.

එහිදී සුපිරි පිතිහරඹයක නිරත වුනු ජේසන් රෝයි ලකුණු 162ක් වාර්තා කිරීමට සමත් විය.

කඩුළු දවා ගැනීමේ දී නුවන් ප්‍රදීප් කඩුළු දෙකක් දවාගත්තේ ය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 June 2016 09:30