May 02, 2024

ඔලිම්පික් යන්න ලංකාවේ 07කට සුදුසුකම් 

මෙවර බ්‍රසීලයේ රියෝ ඩි ජැනෙයිරෝ නුවර පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් සැණකෙළිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. 

ශ්‍රී ලංකා සංචිතය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත ජූලි 4 වැනිදාට පෙර ලබාදිය යුතු අතර ජාතික ඔලිම්පික් කමිටුව ඒ සඳහා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. 

ඒ අනුව මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දෙනෙකු, පිහිණුම් ක්‍රිඩකයන් දෙදෙනෙකු, ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩකයෙකු සහ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකුද ඊට ඇතුළත් වේ.

අනුරුද්ධ ඉන්ද්‍රජිත් කුරේ සහ ගීතානි රාජසේකර මැරතන් ඉසව්ව සඳහාද, සුමේධ රණසිංහ හෙල්ල විසිකිරීමේ ඉසව් සඳහාද, බැඩ්මින්ටන් කේවල ඉසව්වෙන් තරඟ වදින්නේ නිලූක කරුණාරත්න තරඟ කිරීමට නියමිතය. 

මැතිව් අබේසිංහ සහ කිමිකෝ රහීම් පිහිනුම් ක්‍රීඩාවෙන් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා ඇති අතර, මංගල සමරකෝන් ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්ව සඳහා තරඟ කිරීමට නියමිතය.

Rate this item
(0 votes)