May 02, 2024

තමා වැරැද්දක් කළ බව බට්ලර් පිළිගනී

පසුගිය 2014 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ එජ්බැස්ටන් පිටියේ පැවැති තරඟයේ දී එංගලන්ත කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක හා පිතිකරු ජෝස් බට්ලර් මැන්කඩ් ක්‍රමයට (පන්දු යවන විට පිතිකරුවා සීමා ඉර අභිබවා යන විට පන්දු යවන අන්තයේ කඩුල්ල පන්දු යවන්නා විසින් දවා ගැනීම) දවා ගැනීමට ශ්‍රී ලංකා පිලේ සචිත්‍ර සේනානායක කටයුතු කිරීම බොහෝ දෙනෙකු විවේචනයට ලක්කළ කරුණක් විය.

එහිදී බට්ලර්ට සීමා ඉර නොපනින ලෙස ශ්‍රී ලංකා කණඩායම අවවාද කර තිබුණ ද එම අවවාද නොතකා කටයුතු කිරීම හේතුවෙන් සචිත්‍ර ඔහුව මන්ද කාඩ් ක්‍රමයට දවා ගනු ලැබීය. බට්ලර් අවවාද නොතකා කටයුතු කිරීම නිසා එය ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් සාධාරණය.

එම සිදුවීමෙන් වසර 02කට පසු බට්ලර්ට අද (24) ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් එම පිටියේදීම මුණ ගැසීමට නියමිත අතර එදා තමන් කළේ වැරැද්දක් බව දැන් පිළිගන්නා බව ඔහු කියාසිටී.

ඒ පිළිබඳ අදහස් දක්වමින් බට්ලර් කියාසිටියේ, "ඒක පිතිකරුගේ වැරැද්ද? ඒක ක්‍රීඩාවේ නීතියට අදාළයි. ඒ හැම දෙයක්ම ක්‍රීඩාවේ අංග" බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර පසුගියදා පැවැති පළමු එක්දින තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් බට්ලර් විශේෂ මෙහෙයක් ඉටුකළ අතර මේ වන විට ඔහු තම උපරිම දක්ෂතා දක්වමින් සිටී.

2014 වසරේ දී සිදුවූ සිදුවීම ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ, "ඒ අවස්ථාවේ දී කනගාටුවක් තිබුණා තමයි. මොකද ඒක නිතරම වෙන්නේ නෑ. නමුත් මම එයින් දෙයක් ඉගෙන ගත්තා" බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 June 2016 13:04